Facebook පරිස්සම්කරගන්න

ෆේස්බුක් පරිශීලකයන්ගේ අනිසි හැසිරීම් සහිත ගිණුම් මකා දැමීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ අනුව ඉරානය, රුසියාවේ, මැසිඩෝනියාව සහ කොසෝව යන රටවල්වල ෆේස්බුක් ගිණුම් මකා දමා ඇත.
ෆේස්බුක් පිටු 2, 632ක්, කණ්ඩායම් ගිණුම් සහ ෆේස්බුක් ගිණුම් කිහිපයක් ඉන්ස්ටර්ග්රෑම් සහ ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කර ඇති බව රොයිටර් පුවත් වාර්තා කරයි.
එම ගිණුම් අතර ඉරානයේ ගිණුම් 513ක්, රුසියාවට සම්බන්ධ ගිණුම් 1,907 ක් ද ඇති බව වාර්තා වේ.
රොයිටර් පුවත් ඇසුරෙනි