kandy news web
kandy news web

කෘතිම වැසි අත්හිටුවයි

රංජිත් රාජපක්ෂ

0 334

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.

කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉකුත් 22 සහ 23 යන දෙදින තුළ  ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කරනු ලැබුහ.

AD2

නමුත් කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහළ  අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව  විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
 
මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 6 පමණක් විදුලි උත්පාදනයට ජලය  ලබා ගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහළ  බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.
 
 මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහල බැසිම නිසා  එම ජලාශයේ ඉදි කිරිමේදි යට වු ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝන දෙවි කෝවිලේ පුජා කටයුතු ප්‍රදේශවාසින් විසින් දිනපතා සිදු කරන අතර 1917 දි ඉදි කරන ලද එම කෝවිල සම්පුර්ණයෙන්ම කළු ගලෙන් ඉදි කර ඇත.
 
මේ අතර කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසි නිසා 1979 වර්ෂයේ  කොත්මලේ ජලාශය ඉදි කිරිමේ දි ජලාශයට යට වු කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වෙමින් පවති. එම ජලාශයේ  34% ජල ධාරිතාවක් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More