කොළඹ නගරයේ රථවාහන තදබදයට පියවරක්

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
වැඩිදුර අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ යටතේ මාර්ග සහ වටරවුම් පුලුල් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම මොරටුව විශ්ව විද්‍යාලය මහාචාර්යවරුන් පිරිසක් සමග එක්ව තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් රථවාහන තදබදය අවම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බවය එතුමා ප්‍රකාශ කරයි.