නිවසකට වෙඩි ප්රහාරයක්

අගුණුකොළපැලැස්ස, සමනළගම හන්දිය, බරවකුඹුක ප්රදේශයේ නිවසකට අද (16) අලුයම් කාලයේදී වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා. අදාළ නිවසට පැමිණි නාඳුනන යතුරු පැදිකරුවකු විසින් අලුයම 12.55ට පමණ නිවසට වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප්රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදු නොවී ඇති අතර සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප්රහාරය සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.