kandy news web
kandy news web

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනය ඇරඹේ

0 114

ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්තශාලාව ඊයේ (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ආරම්භ විය.

අක්කර 200ක භූමි භාගයක් පුරා ඉදි කිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු මාස 44ක් ඇතුළත නිම කිරීමට නියමිතය.

AD2

මෙමගින් සෘජු සහ වක්‍ර රැකියා අවස්ථාව 2000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වනු ඇති බව වාර්තා වේ.

මේ සඳහා සිංගප්පූරුවේ පුද්ගලික සමාගමක් ආයෝජනය කරන අතර මෙය හම්බන්තොට වරාය ඉදිකිරීමට ගිය මුදල මෙන් තුන් ගුණයකි.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ සක්‍රීය වරායන් බවට පත් කිරීම මෙහි අරමුණයි.

මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීමට නියමිත අනෙක් ව්‍යාපෘතිය වන සිමෙන්ති කර්මාන්ත ශාලාව මගින් වසරක් තුළ මෙට්ට්‍රික් ටොන් 3.6ක සිමෙන්ති නිෂ්පාදනය කල හැකි බව සඳහන් කළ යුතුය.

මාස 18ක් ඇතුළත මෙහි වැඩ නිම කිරීමට බලාපොරොත්තු වන බවත් සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් මෙමගින් උදා වන බවත් අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කරයි. 

 

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More