මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය අතර රන් මහ සටන
තෙරුණි ද සිල්වා

කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය හා මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර ටෙස්ට් තරඟයේ දෙවන දිනය(23) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන විට පැවැත්වේ.
මෙහි පළමු දිනය ඊයේ (22) දින පැවැත්වූ අතර පැවැත්විය.
මෙහි පළමු ඉනිම අවසන් වන විට ලකුණු 175 ලබා ගත් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය හැකි බව වාර්තා වේ.
තරගය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් ශ්‍රී රාහුල විද්‍යාලය වෙනුවෙන් ජනිත් 50, තරිදු 48, මධුෂාන් 24 යන සිසුන් දක්ෂතා පෙන්වූ අතර ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් අවිශ්ක ක්‍රීඩකයා ලකුණු 52 ලබා ගනිමින් දක්ෂතා පෙන්වන්ට විය.
මෙහි එක්දින ක්‍රිකට් තරඟය මාර්තු මස 30 වන සෙනසුරාදා දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
ඡායාරූප – හේරත් ඒකනායක
ලකුණු පුවරුව – දිල්රුක්ෂි ප්‍රනාන්දු