දුම්රිය මාර්ගයේ අභිරහස් මල සිරුරක්
වෙන්නප්පුව - චන්දන ප්රනාන්දු

කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය දුම්රිය සථාන අතර සිරිගම්පල ප්රදේශයේ දුම්රිය මාර්ගයේ අභිරහස් ලෙස මියගොස් සිටි අයෙකුගේ මළ සිරුරක් අද (23) උදැසන සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ හාල්දඬුවන පදිංචි ගීත් කුමාර 31 නැමති විවාහකයෙකි.
දුම්රිය මාර්ගයේ මළ සිරුරක් තිබෙන දැක ඇති අයෙක් පොලිසියට කරන ලද දැනුම් දීමක් මත මළ සිරුර සොයාගෙන තිබේ.
මියගිය තැනැත්තාගේ හිසේ තුවාල කීපයක් ඇති බව වාර්තා වේ.
එය දුම්රියක හැපි සිදු තුවාලද එසේත් නැතිනම් යම් අයෙකුගේ පහරදීමක් සිදු වුවක්ද යන්න සොයා පොලිසිය පරික්ෂණ සිදු කරයි.
මෙම මාර්ගයේ අලුයම දුම්රිය කීපයක්ම ධාවනය වන බවත් එම දුම්රියන්හි නොගැටි මෙලෙස බේරි තිබිමද සැකසහිත බව පොලීසිය පවසයි.
පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් හා සොකො නිලධාරින්ද කැඳවා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.