වැල්ලවායේ අනතුරකින් ගැබිණි මවකට සහ පුද්ගලයකුට බරපතළයි
ජයන්ත වීරසේකර - වැල්ලවාය

වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ වැල්ලවාය දෙහිගස් හංදිය ප්රදේශයේ දී ඊයේ පස්වරුවේ අනතුරක් සිදු වී ඇත.
එම අනතුරකින් ගැබිණි මවක් සහ ඇයගේ ස්වාමිපුරුෂයා බරපතළ තුවාල ලබා තිබේ.
තිරෝද රථයක් මාර්ගයේන් ඉවතට පැන අසල තිබූ බස් නැවතුමක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් බව පොලිසිය ප්රකාශ කරයි.
අනතුරින් පසු තුවාල කරුවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර පසුව ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් මොනරාගල මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.