සුවසැරිය ගිලන් රථය දින 14 කදී රෝගීන් 14 කට පිහිටවෙයි

ඉන්දියානු රජය යටතේ ක්‍රියාත්මක ‘ සුව සැරිය’ ගිලන් රථ සේවය හරහා නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට ලබාදී ඇති රථයෙන් දින 14 ක් තුල රෝගීන් 14 ක් සදහා පහසුකම් සැපයු බව එම කාර්ය මණ්ඩලය කියයි . අති නවීන පහසුකම් සහිත පැය 24ම ක්‍රියාත්මක මෙම ගිලන්රථ සේවය මගින් නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගැබිණි මවුවරුන් , හදිසි අනතුරු වලට ලක්වුවන් සහ අසාද්‍ය රෝගීන් මාතලේ , මහනුවර ආදී මධ්‍යම පළාතේ රෝහල් වෙත රැගෙනයාමට ගිලන්රථ කාර්ය මණ්ඩලය කටයුතු කරතිබේ .
නාවුල පොලිස් ස්ථානයේ සිට ක්‍රියාත්මක මෙම ගිලන්රථ සේවය සම්බන්දයෙන් අදහස් දැක්වූ නාවුල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා කියා සිටියේ . 1990 දුරකථන අංකය යටතේ ක්‍රියාත්මක මෙම සේවය ඕනෑම හදිසි අවස්ථාවකදී ඉතා කෙටි කාලයකින් රෝගියා රෝහල වෙත රැගෙන යාම සදහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවයි .