නිල් මහා සටනේ එක්දින තරඟයේ ජය ත්‍රිත්වයන්ට
තෙරුණි ද සිල්වා

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර 38 වන එක්දින ක්‍රිකට් තරඟය මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
ත්‍රිත්ව විද්‍යාලය හා ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති 102 වන වාර්ෂික සුහද (ටෙස්ට්) ක්‍රිකට් තරඟය මාර්තු මස 12 වන දින මහනුවර ශාන්ත අන්තෝනි ක්රිඩාංගනයේදී පැවැත්වූ අතර එහි ජයග්‍රහණය ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන්ට හිමි විය.
එහිදී තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව අන්තෝනි ක්‍රීඩකයන් පන්දුවට පහරදුන් අතර එම කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 298 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළාය. ඒ අනුව පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 173කි.
එහිදී ලකුණු 125ක් පසුපසින් ඉනිමක පරාජයක් ලබා සිටි ත්‍රිත්වයන් පරාජයෙන් මිදීම සඳහා පිටියට පිවිසි අතර එහෙත් වර්ෂාව හේතුවෙන් ඔවුන්ට ඉනිම ක්‍රීඩා කිරීමට නොහැකි විය.
පැවති එම තරඟයේ තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
2019.03.16 වන දින පැවති එක් දින තරගයේ මුලින්ම තරගයට පැමිණි ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩකයන් ලකුණු 188 කඩුලු 9ක් ලබා ගත් අතර ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් සියල්ල දැවී 128 ක් ලබා ගත් අතර එක්දින තරඟයේ ජය ත්‍රිත්ව විද්‍යාලයට හිමි විය.