කිරි පිටි මිල ඉහලට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල ගණන් සංශෝධනය කර ඇත.
මෙලෙස කිරිපිටි මිල ඉහල ගොස් ඇත්තේ මිල සූත්‍රය අනුවය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනුමැතිය පරිදි මෙම සංශෝධනය කර තිබෙන බව වාර්තාවේ.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ ගොස් තිබේ.
රුපියල් 860 ක්ව පැවති ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක නව මිල රුපියල් 920ක් වනු ඇති.
රුපියල් 345 ක්ව පැවති ග්රැම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 370 ක් වේ.