kandy news web
kandy news web

ත්‍රිරෝද රථයක් ඇළට පෙරලේ, තිදෙනෙක් තුවාල ලබා රෝහලේ

හැටන් රංජිත් රාජපක්ෂ

0 126

නල්ලතන්නියේ සිට වැලිමඩ ඌවපරණගම දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයක් මතට පෙරළෙයි.

 එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත්කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.

AD2

අද (16) උදැසන 6.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නල්ලතන්නිය හැටන් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් අයර්බි වත්ත ප්‍රදේශයේදිය.

මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ආපසු වැලිමඩ දක්වා ගමන් ගත්  වන්දනාකරුවන් පිරිසකුයි.

ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක් වන අයර්බි ඇළ මාර්ගයට පෙරලි ඇති බව  පොලීසිය පවසයි. 

අනතුරින් ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More