kandy news web
kandy news web

නවසීලන්තයේ වෙඩි ප්‍රහාරයකින් 49ක් මරුට

0 139

නවසීලන්තයේ, ක්‍රයිස්චර්ච් නුවර පිහිටි දේවස්ථාන දෙකකට අද(15) දහවල් සාහසික වෙඩිතැබීම් දෙකක් සිදුවුණි.

මෙලෙස වෙඩි තැබීම සිදුවුනේ අල්නූර් දේවස්ථානයට සහ ලින්වුඩ් දේවස්ථානයටයි.

AD2

එහිදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධි දෙකකින් අද පුද්ගලයන් 49 දෙනකු ජීවිතක්ෂයට පත්වුණි

වෙඩිතැබීම වන අවස්ථාව වන විට, එරට සංචාරයක නිරත බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන්ද එම දේවස්ථානයක් අසල සිට ඇති නමුත් ඔවුන් සියලුදෙනා නිරුපද්‍රිතව බේරී තිබේ.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා විසින් එම අවස්ථාව ඔහුගේ හිස රැදි කැමරාවකින් වීඩියෝගත කර ඇති අතර ප්‍රහාරකයා වෙඩි වැදී මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු වලටද නැවත නැවත වෙඩි තබන අයුරු ඔහුගේ කැමාරවේ සටහන්ව තිබුණි.

එරට ආරක්ෂක අංශ එම මොහොතේම, දේවස්ථානයට වෙඩිතැබිම සිදුකර පලාගිය ඝාතකයා පසුපස හඹාගොස් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.

මෙලෙස ප්‍රහාරය සම්බන්ධයේන අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි අන්තවාදී අදහස් දරන ඕස්ට්‍රෙලියානු ජාතිකයෙකි.

ලින්වුඩ් හී දේවස්ථානය ඉලක්ක කරමින් වෙඩිප්‍රහාර එල්ල වූයේ ක්‍රයිස්චර්ච් හි අල්නූර් ඉස්ලාම් දේවස්ථානයේ සිදු වූ වෙඩිතැබීමෙන් මිනිත්තු කිහිපයකට පසුවයි.

මෙම වෙඩිතැබීම සම්බන්ධයේන්ද පුද්ගලයකු සහ කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ

මෙම වෙඩිතැබීම් දෙකින් පුද්ගලයන් 49 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාර දෙකත් සමග එම නගරයේ පාසල් සහ මංමාවත් රැසක් තාවකාලිකව වසා දැමුණි.

මේ අතර එළඹෙන සෙනසුරාදා ක්‍රයිස්ට්චර්ච්හි ආරම්භ වීමට නියමිතව තිබූ බංග්ලාදේශ- නවසීලන්ත ටෙස්ට් තරගයද  අවලංගු කිරිමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. 
 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More