කේරල ගංජා සමඟ පුද්ගලයන් සය දෙනෙකු අත්අඩංගුවට
මස්කෙළිය ගාමිණී බණ්ඩාර

නීති විරෝධී කේරළ ගංජා මිලී ග්රෑම්ස් 10000 ක් සමග තරුණයන් 06 දෙනෙක් තලවාකැලේ කටුකැලේ ප්රදේශයේදී හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (15) පස්වරු 05.00 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සතුව තිබී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පිරිස නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.