කිලිනොච්චි රිය අනතුරකින් එක් අයෙක් මරුට
වවුනියාව - මාධව කුලසූරිය.

කිලිනොච්චිය,ඉරණමඩුව මංසන්ධිය ප්රදේශයේදී ඊයේ(14) රාත්රියේ සිදුවු රිය අනතුරකින් අයෙක් ජිවිතක්ෂයට පත්වෙයි.
පොලිසිය පැවසූවේ යාපනය සිට කොළඹ බලා ධාවනය වු ලොරි රථයක මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර,අනතුරින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
අනතුරින් කිලිනොච්චිය,අක්කරායන් ප්රදේශයේ පදිංචි 66 හැවිරිදි පීටර් ඉමානුවෙල් නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර,සැකකරු කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.