අධිබළැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග STF අණ නොතකා ගිය කැබ් රථයක් හා සැකකරුවෙක් අත්අඩංගුවට
සුරියවැව නුවන් ජයසේකර

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් හා කැබ් රථයක් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.
සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින්ට ලද ඔත්තුවකට අනුව සිදුකල වැටලිමකදි මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනිමට හැකි වි ඇති බව වාර්තා වේ.
හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් කරමින් තිබු කැබ් රථයක් නවත්වන ලෙස සංඥා කලද එය නොනවත්වා ධාවනය කර ඇති අබතර එය පසුපස හබාගොස් පරීක්ෂා කළ අවශ්තාවේ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
එහිදී ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ 25 කොට්ට 09ක්,අධිබළැති පුපුරණ ද්‍රව්‍යක් වන ජෙලට් නයිට් කූරු 196ක්,විදුලි ඩෙටනේටර් 100ක් හා කුඩා ලොරි රථයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බන්තොට පොලිසියට බාර දි තිබේ.
පුපුරණ ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.