රිය අනතුරකින් කාන්තාවක් මරුට

අතුරුගිරිය පොලිස් වසමේ කඩුවෙල මාලබේ මාර්ගයේ අතුරු මාර්ගයක් වන සුදර්ශන මාවතේදී 2019.03.14 දින සවස 4.30 ට පමණ ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් මාර්ගය අසල නවතා එහි රියදුරු රථයෙන් බැස සිටියදී ලොරි රථය පිටුපසට ධාවනය වී මාර්ගයේ ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී තාප්පයකද ගැටී සිදුවූ අනතුරින් පදික කාන්තාව බරපතල තුවාල ලබා රෝහල් ගත කල පසු මියගොස් ඇත .
මරණයට පත් වී ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ වූ මාලිගා ගොඩැල්ල පාර පදිංචි වැලිගම ආරච්චිගේ ප්‍රේමවතී යන අයවේ
අනතුර සම්බන්දව ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත . පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි .