අවුරුදු එකොළහක පිරිමි දරුවකුට බරපතල ලෙස ලිංගික අපයෝජන කල පුද්ගලයෙකු හසුවෙයි

හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන එකොලොස් වියැති දරුවකු අපයෝජනයට ලක්කළ සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි හැට හය වියැති පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැක කරු විසින් මෙම දරුවා ඇස අමාරුවක් සැදී පාසල් නොගොස් නිවසේ සිටින අවස්ථාවකදී සැකකරුගේ නිවාස වෙත ගෙන ගොස් මෙම අපරාදය සිදුකර ඇත.
සිද්දිය පිළිබද සැක සිතු ප්‍රදේශවාසීන් විසින් සෙවනගල පොලිසියට මේ පිළිබද දැනුම්දී ඇති අතර ඉන් පසු පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවටගෙන ඇත.
සැකකරු ඇබිලිපිටිය අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දරුවා වෛද්‍ය පරීක්ෂණ සදහා රෝහල් ගත කර ඇත.
සෙවනගල පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරනු ලබයි.