kandy news web
kandy news web

මාරක රිය අනතුරෙන් පුද්ගලයෙකු හා සද්දන්තයෙකු මාරුදකී

0 111

පසුගියදා (11) අළුයම පුත්තලම – අනුරාධපුර මාර්ගයේ දාවනය වෙමින් පැවති කැබ් රථයක් කරුවලගස්වැව 14 කණුව ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ ගැටීමෙන් කැබ් රථ සහයකයා එම ස්ථානයේම මරණයට පත්ව ඇති අතර බරපතල ලෙස තුවාල ලැබූ වන අලියාද පැය කීපයකින් මරණයට පත්වී ඇත.

මරණයට පත්වී ඇත්තේ අබ්දුල් අසාද් රවුෆර් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි

AD2

පුත්තලම සිට  දබුල්ල දක්වා එළවලු රැගෙන ඒම සදහා ගමන් කරමින් තිබු කැබ් රථයක් මෙලෙස අනතුරට පත්වී ඇත .

කැබ් රථයේ ගැටුන අලියා කැබ් රථය මතට වැටී ඇති අතර අලියාට යට වූ කැබ් රථ සහයකයා එහිදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. බරපතල තුවාල ලැබූ කැබ් රියදුරාද රෝහල් ගත කර ඇත.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More