ඉන්ධන මිල නැවතත් ඉහලට

දොළොස් වනදා (2019/03/12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කරයි.
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින්ද ( 3 ) , ඩීසල් ලීටරයක් රුපියලකින්ද (1) ඉහල දමා ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේය.
මේ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින්ද , ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ඉහල ගොස් ඇත .