මාරක රිය අනතුරක් – ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්

අද අලුයම 5.30 පමණ කොළඹ නුවර ප්රධාන මාර්ගයේ කඩවත කිරිල්ලවල ප්රාදේශීය ලේකම් කාර්යාල අසලදී කාන්තාවක් අනතුරට ලක් වී ඇත.
කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් පදික මාරුව මතින් ගමන් ගත් කාන්තාවගේ ගැටී අනතුර සිදු වී ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 62ක් වන එච්.කේ.පී. සොබින් ද සිල්වා යන අංක 118 කඩවත පදිංචි කාන්තාවකි.
අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු වන ජනනාත් වරකාගොඩ මහතා 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
වැඩිදුර පරීක්ෂණ කඩවත පොලීසිය විිසින් සිදු කරයි.