kandy news web
kandy news web

මෙවර අයවැයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට කිසිම ප්‍රතිපාදනයක් නැතැයි චෝදනා

0 128

මෙවර අයවැයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට කිසිම ප්‍රතිපාදනයක් වෙන්කර නොමැති බවත් , ශිෂ්‍යන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍ය ආධාර ගැටලුව සහ විශ්වවිද්‍යාලයන්හි  ඇතිවී තිබෙන අනෙකුත් දහසකුත් එකක් ගැටළු වලට විසදුම් ලබාදී නොමැතිබවත් ඔවුන් පවසයි.

මීට අමතරව ඔවුන් කියා සිටින්නේ ලක්ෂ 12ට වැඩි ශිෂ්‍ය ණය ක්‍රමයක් යෝජනා කිරීම මගින් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට සහ පෞද්ගලික පාසල් වලට පාවඩ දැමීමක් සිදුකර ඇති බවයි . තවද නවක වදය කියා බොරු චෝදනා එල්ල කරමින් විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මන්‍ය කරන බවත් කියා සිටී .

AD2

තව දුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටින්නේ මෙම ගැටළු වලට විසදුම් ලබා නොදුන්නොත් ඉදිරි මැතිවරණයේදී ජනතාව සමග එක්වී මෙම රජය ගෙදර යැවීමට කටයුතු කරන බවත්ය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More