kandy news web
kandy news web

ශ්‍රීපාද වන්දනාවට පැමිණි කාම්බෝජයේ බෞද්ධ දූත පිරිස

මස්කෙළිය ගාමිණී බණ්ඩාර

0 110

මේ දිනවල ශ්‍රීපාද වන්දනාව සඳහා කාම්බෝජයේ බෞද්ධ දූත පිරිස් විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

කාම්බෝජ ජාතික බෞද්ධ භික්ෂුණ්වහන්සේලා ඇතුලු ගිහි පිරිස් විශාල පිරිසක් කණ්ඩායම් වශයෙන් නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් මේ දිනවල ශ්‍රීපාද වන්දනාවේ යෙදෙති.

AD2

එම පිරිස් අතර සිටින වයෝවෘද්ධ භික්ෂූණ්වහන්සේලා හා  ගිහි පිරිස් නල්ලතන්නියේ සිට ශ්‍රීපාදස්ථානය දක්වා  රෙදි හා ලී දඬු ආධාරයෙන් විශේෂයෙන් සකස් කරන ලද දෝලාවක හිඳුවා කම්කරුවන් සිව් දෙනෙක් විසින් ඔසවාගෙන යාම සිදු කරනු ලබයි.

නල්ලතන්නිය ප්‍රදේශයේ පදිංචි  දමිළ ජාතික කම්කරු කණ්ඩායම් කීපයක් විසින් මෙම කාම්බෝජ ජාතිකයින් ශ්‍රී පාද වන්දනාව සඳහා ශ්‍රීපාදස්ථානය දක්වා ඔසවාගෙන ගොස් නැවත නල්ලතන්නිය දක්වා රැගෙන ඒම සිදු කරන අතර ඒ වෙනුවෙන් මුදල් අයකිරීමක් සිදු කරනු ලබයි.

කාම්බෝජයේ සිට ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් මැදි වයසේ පසුවන අයයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More