kandy news web
kandy news web

ලිදුල නගර සභාවේ සනිපාරක්ෂක කම්කරුවෝ දින තුනක් වැඩ වර්ජනයක නිරත වෙයි

හැටන් - රංජිත් රාජපක්ෂ

0 144

තලවකැලේ ලිදුල නගර සභාවේ සනිපාරක්ෂක කටයුතු වල නිරතව සිටින කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වර්ජනයක නිරත වෙයි.

අද (11) උදැසන එම නගර සභාව ඉදිරිපට උද්ඝෝෂනය පැවැත්වුණි.

AD2

නගර සභාවේ සනිපාරක්ෂක කටයුතු වල නිරතව සිටන අනියම් කම්කරුවන් 8 දෙනෙකුට පෙබරවාරි මාසයේ ගෙවිමට නියමිත වැටුප නොගෙවිමට විරෝධය පා එම නගර සභාවේ සනිපාරක්ෂක සේවයේ නිරතව සිටින ස්ථිර සේවකයන් 22 ද එම අනියම් සේවකයන් 8 දෙනාට සහයෝගය දක්වා වැඩ වර්ජනය කරමින් සියළු දෙනා එක්ව නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරත විය.

කම්කරුවන් උද්ඝෝෂනයේ  නිරතව සිටන අවස්තාවේ නගර සභාවට පිවිසි එම නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා සමග උද්ඝෝෂනයේ නියැලි සිටි කම්කරුවන් සාකච්ජාවක් පැවැත්විමෙන් අනතුරුව සභාපතිවරයා අද පස්වරු 1 ප්‍රථම හිග වැටුප ලබාදෙන බවට වු පොරොන්දුවක් මත වැඩ වර්ජනයේ සහ උද්ඝෝෂනයේ  නියැලි සිටි කම්කරුවන් යලිත් සේවයට වාර්තා කරනු ලැබුහ.

මෙලෙස කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වර්ජනය කිරිම නිසා තලවකැලේ නගර සිමාවේ දිනපතා එක්රැස් වන කැලි කසල බැහැර නොකරන නිසා පරිසර ගැටළු රැසක්ද මතු වි තිබේ.

අනියම් කම්කරුවන්ට වැටුප් ගෙවිම ප්‍රමාද විම හා සභාපතිවරයා කරන චෝදනාව සම්බන්ධයෙන් එම නගර සභාවේ වැඩ බලන ලේකම් විරකොන් බණ්ඩාර මහතාගෙන් කරුණු විමසිමට වාර්තාකරුවන් අවස්තා කිහිපයකදි ඔහුගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්තද එම ඇමතුම්වලට ලේකම්වරයා ප්‍රතිචාර දැක්වූයේ නැති බව ඔවුන් ප්‍රකාශ කරයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More