ගොඩැල්ලවත්තෙන් මළ සිරුරක් හමුවෙයි

කඩුවෙල ගොඩැල්ලවත්ත ප්රදේශයෙන් මළ සිරුරක් සොයා ගැනේ.
මෙම ඝාතනය සිදුව ඇත්තේ වෙඩි තැබීමකින් බව නවගමුව පොලීිසිය ප්රකාශ කරයි.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ පපු පෙදෙසට වෙඩි තබා ඇති බවත් ඔහුව වෙනත් ස්ථානයක ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමා ගොස් ඇති බවට පොලීසිය සැක කරයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා නිශ්චිතවම කාගේ කවුදැයි මෙතෙක් හඳුනාගෙන නොමැත.