kandy news web
kandy news web

ජනතාවට සවිය – දුප්පතුන්ට රැකවරණය

අය වැය

0 148

රාජ්‍ය

ඊයේ 05 දින මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් 2019 වසර සඳහා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළේ '' ජනතාවට සවිය – දුප්පතුන්ට රැකවරණය '' 

AD2

ඒ යටතේ ජනතාවට ලැබූ වරප්‍රසාද කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට රු. 10000ක් එකතු කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වසරේදී ද රු. 2500ක් මූලික වැටුපට එකතු වේ.

එම වැටුප් වර්ධක සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 40ක් වේ.

අධ්‍යාපන

සෑම වසරක ම අපොස උසස් පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ හොඳ ම ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ හොඳ ම විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබීම සඳහා ප්‍රතිපාදන සැපයීමට විශේෂ අරමුදලක්.

මෙම වරප්‍රසාදය ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනය ලබා පැමිණ අවම වශයෙන් වසර 10ක් ශ්‍රී ලංකාවේ සේවය කළ යුතු වීම අනිවාර්ය වේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට රු. මිලියන 1.1ක් බැගින් පොළී රහිත ණයක්. ඒ සඳහා වසර දෙකක සහන කාලයක් තිබේ. සමස්ත ණය මුදල ගෙවීමට වසර 12ක කාලයක් ලබා දෙනු ඇත. ඒ සඳහා වෙන් කෙරෙන මුදල රු. බිලියන 200 කි

බදු

දුම්වැටි සඳහා ද ජාතිය ගොඩ නැගීමේ බද්ද පැනවීමට යෝජනා කෙරේ. ඒ අනුව, 12%ක බදු වැඩි වීමක් සිදු වන අතර දුම්වැටියක මිල රුපියල් 5කින් පමණ ඉහළ යනු ඇත.

ගුවන් ගමන් බලපත්‍ර: එක්දින සේවය රු. 5000කින් ඉහළ දමන අතර සාමාන්‍ය සේවය රු. 3000 සිට 3500 දක්වා වැඩි කෙරෙනු ඇත.

අධිවේගී මාර්ගවල කාර්යබහුල වේලාවලදී අය කෙරෙන ගාස්තුව රු. 100කින් ඉහළ දැමේ.

සුරා බදු සහ මෝටර් රථ නිෂ්පාදන බදු සංශෝධනය කෙරේ. වාහන ආනයනය කිරීමේදී අය කෙරෙන 200%ක මුදල් තැන්පතුව ඉවත් කෙරේ.

කැසිනෝ බද්ද අප්‍රේල් 01 වන දා සිට රු. මිලියඅ 200 සිට 400 දක්වා ඉහළ දැමේ. කැසිනෝ සඳහා ඇතුළු වීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 50ක් දක්වා වැඩි කෙරේ.

කාන්තා

  • සේවකයින් 250 වැඩි ආයතනවල ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට දිරිමත් කිරීම සහ ආධාර ලබා දීම.
  • තෝරාගත් පාසල්වල නිවාඩු දින සහ පාසල් අවසන් වීමෙන් පසු ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට ආධාර ලබා දීම.
  • මාස 3ක ප්‍රසූත නිවාඩු ලබා දෙන ආයතනවලින් අදාළ මාස සඳහා මව්වරුන්ට වැටුප් ගෙවීමට සමාගම් බද්ද අඩු කිරීම.
  • ප්‍රසූත නිවාඩු මාස 4ක් දෙන්නේ නම් එම අතිරේක මාසය සඳහා වැටුප් ගෙවීමට සමාගම් බදු 100%ක් දක්වා කපා හැරීම.
  • ව්‍යාපාරික අංශයේ අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා දායකත්වය ඉහළ දැමීම.
  • කාන්තාවන්ට සේවය කිරීම සඳහා ඔවුන්ට පහසු සහ නම්‍යශීලී වේලාවන් ලබා දීම.
  • කාන්තාවන්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සැලසීම.

දුම්රිය හා අධිවේගී මාර්ග 

මේ වන විට ඌණ උපයෝජිත තත්ත්වයේ පවතින දුම්රිය මාර්ග පද්ධතිය  වැඩි දියුණු කිරීම කල්බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබා දීමට කටයුතු කිරීම.

මීට අමතරව, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස්, මධ්‍යම අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම් ආරම්භ කිරීමට ද ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කිරීම.

ශ්‍රී ලංකාවේ ඉදිකිරිම් සඳහා විදේශ සමාගම්වලට ටෙන්ඩර් දැමිය හැක්කේ එම ඉදිකිරීම් විදේශ ආයෝජනයක් මගින් සිදුවනවා නම් හෝ එම අයදුම්කරන විදේශ සමාගම ශ්‍රී ලංකා සමාගමක් සමග 50%ක හවුල් ව්‍යාපාරයක් තිබුණහොත් පමණක් බවට නව රෙගුලාසි පනවන බව ද මෙහිදී තවදුරටත් සඳහන් කරන්නට විය.

ණය

විවාහ වන තරුණ තරුණියන් සඳහා Home Sweet Home මිලියන 10 දක්වා වූ ණය යෝජනා ක්‍රමය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ලැබෙන සහණ ණය ක්‍රම.

මීට අමතර තවත් විශාල යෝජනා තොගයක් සමඟ 2019 රාජ්‍ය අයවැය මංගල සමරවීර මුදල් අමාත්‍යතුමන් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More