අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ අස්ථි කොටස් හමු වේ

බලන්ගොඩ පොලිස් බල ප්රදේශයේ දමිපිටිය රක්ෂිතයේ තිබි පෙරේදා (03) පෙරවරුවේ හමු වු මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වේ.
එම අස්ථි කොටස් මීට මාස එකහමාරක පෙර අතුදන් වු පුද්ගලයකුගේ බවට සැක කෙරෙන බව පොලිසිය පවසයි.
එම අස්ථි කොටස් ආසනයේ තිබි හමුවු ඇදුමි බැගය,අත් ඔරලෝසු,පාවාහන් , සහ කෙරෙල් වර්ගයේ හිස කෙස් කොටස් එලෙස අතුරැදන් වු පුද්ගලයාගේ බවට බලන්ගොඩ දමිපිටිය ප්රදේශයේ පදිංචි ඔහුගේ බිරිඳ සහ ඥාතීන් විසින් හදුනාගත් බව බලන්ගොඩ පොලිසිය ප්රකාශ කරයි.
මාදෙනිය ,පිටපල,ගිනිගත්හේන ලිපිනයේ සදහන් චාමල් ප්රසන්ග සමරසිංහ 29 හැවිරිදි විවාහක පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බලන්ගොඩ දමිපිටිය ප්රදේශයේ පදිංචි බිරිද විසින් ඉකුත් ජනවාරි 09 වැනිදා බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බව බලන්ගොඩ පොලිසිය ප්රකාශ කරයි.
පෙරේදා (03) පෙරවරුවේ දමිපිටිය රක්ෂිතයේ දර කැඩිිම සදහා ගිය පිරිසක් මෙම ඇදුමි බැගය දැක පොලිසිය වෙත දුරකතන ඇමතුමක් ලබා දීමෙන් පසුව බලන්ගොඩ පොලිසියේ නිළධාරීන් සහ අපරාධ ස්ථාන පරික්ෂණාගාරයේ නිලධාරීන් එක්ව රක්ෂිතයේ කල සෝදිසි මෙහෙයුමකදි ඇදුමි බැගයට අමතරව මෙම අස්ථි කොටස් ,අත් ඔරලෝසුව,සෙරෙප්පු ,සහ කෙරෙල් වර්ගයේ කෙස් සාමිපලයක් සොයා ගන්නා ලදි.එම අස්ථි කොටසක් සතුන් විසින් රැගෙන ගොස් තැන් තැන් වල දමා තිබියදි හමු වු බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් හිස් කබල හමු නොවු බව පොලිසිය පැවැසිිය.
මෙය ඝාතනයක් නැතහෙත් සිය දිවි හානිකර ගැනිිමක්ද යන්න මෙතෙන් අනාවරනය කර ගෙන නොමැති බව පොලිසිය ප්රකාශ කරයි
හමු වු අස්ථි කොටස් පරික්ෂා කිරිම සදහා රජයේ රස පරික්ෂක වරයා වෙත යැවිමට කටයුතු කල බවද පොලිසිය කියයි.