kandy news web
kandy news web

ඒ9 මාර්ගය දරුවන් පිරිසිදු කරයි

නාවුල - ඉන්දික අරුණ කුමාර

0 166

මාතලේ – උඩුගම ශ්‍රී කුලකුංගාරාම දහම්පාසල් දරැ දැරියන් විසින් ඒ නවය මාර්ගයේ කැළි කසල ඉවත්කිරිමේ කටයුත්තකට ඉකුත්දා (03) සහභාගී විය.

වැඩිහිටියන්ගේ ද සහාය ඇතිව ක්‍රියාත්මක වු වැඩසටහන මඩවල උල්පත සිට පාළාපත්වල දක්වා සිදු කෙරිනි.

AD2

විවිධ පුද්ගලයින් විසින් මාහා මාර්ගය අසලට දමා ගොස් තිබු බිර ටීං,ප්ලාස්ටික්,පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රාශියක් ඉවත් කිරිමේ කටයුත්ත මෙම දරු දැරියන් සුරතින් සිදු විය.

මීට අමතරව පරිසරයට කැළි කසල හේතුවෙන් වන හානිය සම්බන්ධයෙන් පොස්ටර් ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.

මාතලේ නගර සභාව මගින් දෛනීකව සිදුකරනු ලබන කසළ ඉවත් කිරිමේ කටයුත්තට දායකත්වයක් දැක්වීමේ අරමුණින් හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබුනි..

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More