kandy news web
kandy news web

යතුරුපැදියක් ට්‍රැක්ටරයක ගැටී තරු‍ණයෙකු මරුට

වවුනියාව - මාධව කුලසූරිය

0 143

මන්නාරම සිට යාපනය බලා ධාවනය වු යතුරුපැදියක් ඊයේ(03) සවස ට්‍රැක්ටර රථයක ගැටී තරුණයෙකු ජිවිතක්ෂයට පත්වෙයි.

පොලිසිය පැවසූවේ යතුරුපැදි තුනකින් තරුණයින් හය දෙනෙකු යාපනය බලා ගමන් කරන අවස්ථාවක මෙලෙස එක් යතුරුපැදියක් ට්‍රැක්ටරයක ගැටී ඇති බවය

AD2

එම අනතුරින් යතුරුපැදියක ගමන්ගත් මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර,තවත් තිදෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය ප්‍රකාශ කරයි.

යතුරුපැදියේ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ට්‍රැක්ටර රථයේ ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More