kandy news web
kandy news web

ආවා කල්ලියෙන් නිවසකට ලිපියක්

වව්නියාව - මාධව කුලසූරිය

0 154

යාපනය,කොක්කුවිල් ප්‍රදේශයේ නිවසක් වෙත ආවා කල්ලිය විසින් තර්ජනාත්මක ලිපියක් යවා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

මෙලෙස ලිපිය යවා ඇත්තේ කොක්කුවිල් ප්‍රදේශයේම පදිංචි සෙල්වරාසා නමැත්තෙකු‍ගේ නිවසක් වෙතය.

AD2

ආරක්ෂක අංශ ප්‍රකාශ කළ ආකාරයට අදාළ නිවසේ ගෙට්ටුව අසළ ඇති සිසිටිවි කැමරා වහාම ගලවා ඉවත් කළ යුතු බවත් එලෙස නොවන්නේනම් නිවස වසා දැමීමට කටයුතු කරන බවත් මෙම ලිපියෙන් ඔවුන්ට දන්වා ඇත.

අදාළ පුද්ගලයාගේ නිවසේ පැවති සිසිටිවි කැමරා දර්ශන මගින් ආවා කල්ලියේ ක්‍රියාකාරකමක් අනාවරණය කර ගැනීමට හැකි වි ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.

ඒ හේතුවෙන් මෙලෙස අදාළ පුද්ගලයාගේ නිවසේ සිසිටිවි කැමරා ඉවත් කරන ලෙසට තර්ජනාත්මක ලිපියක් යොමුකොට ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More