වියලි පලතුරු අපනයනයට වැඩපිළිවෙලක්

වියළි පළතුරු අපනයනය කිරිම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
මෙහිදී ශ්රී ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය ඉතාලි සමාගමක් සමඟ මේ පිළිබඳ ගිවිසුමකට ද එළඹී ඇත.
ඒ අනුව මෙරට පළතුරු වර්ග රැසක් වියළිමෙන් පසු අපනයනය කිරිමට බලාපොරොත්තු වන බව මෙම සංගමය සදහන් කරයි.
රටවල් ගණනාවකින් වියළි පළතුරු සදහා ඉහල ඉල්ලුමක් ලැබී ඇතැයි ද ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය තවදුරටත් පෙන්වා දෙයි.