හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

ඊයේ (මාර්තු 01) මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව කරන ලද වැටලීමකදී මෙලෙස මෙම පිරිස් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
එහිදී ඔවුන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 20 ක් සොයා ගෙන ඇති අතර, එම පුද්ගලයින්, හෙරොයින් ප්‍රමාණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතා කල ජංගම දුරකථනයක්ද අත්අඩංගුවට ගනු ලැබුනි.
ඔවුන් සතුව තිබූ බඩුබාහිරාදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.
තවද පෙබරවාරි 28 වන දින මඩකලපුව, ජයන්තිපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදීද හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔහු සතුව තිබී හෙරෝයින් මිලි ග්‍රෑම් 37 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, පොලිසිය වෙත භාර දීමට කටයුතු කළ ඇත.