මෝදිට එරෙහි පරීක්ෂණ අනවශ්‍ය බව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහි පරීක්ෂණයක් අනවශ්‍ය බව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) තීන්දු කළා. ඒ ඉන්දිය රුපියල් කෝටි පනස්නව දහසක් වටිනා රෆෙල් ජෙට් යානා 36ක් මිළදි ගැනිමට මෝදි රජය ප්‍රංශය සමඟ ඇතිකරගත් ගිවිසුම සම්බන්ධයෙන්.
පැමිණිල්ල පිළිබද විමර්ශනය කළ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල සිය ඒකමතික තීරණය දැනුම්දි තිබෙනවා. එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට කිසිදු හේතුවක් නොමැති බවයි ඔවුන් ඉන් පෙන්වා දි ඇත්තෙ. එසේම ගණුදෙනුව පිළිබද සැකයක් නොමැති බවට ද විනිසුරුවරුන් තහවුරු කළා. ඊයේ (14) ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉන්දිය රජය ලැබු සුවිශේෂි ජයග්‍රහණයක් බවයි එරට විචාරකයින් පෙන්වා දෙන්නෙ.