kandy news web
kandy news web

ජවිපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත අත්අඩංගුවට

0 132

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඒ මහතා පැදවූ කැබ් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් ලාල්කාන්ත මහතා අත්අඩංගුවට ගැනුණු බවයි.

AD2

අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිටදී අද(01) දහවල් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති බවත් ඇයගේ ඥාති දියණියක් සුළු තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසනවා.

අනතුරෙන් තුවාල ලැබූවන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි. 

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ එප්පාවල සහ අමුණුකොළේ පදිංචි 45 හැවිරිදි සහ 14 හැවිරිදි කාන්තාවක් සහ දියණියක්.

නතුරෙන් තුවාල ලැබූ කාන්තාවගේ අස්ථිවලට දැඩි හානි සිදුව ඇති බවත් දියණිය සුළු තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා. 

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයා හෙට (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More