kandy news web
kandy news web

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අතීතයේ හා වර්තමානයේ හොදම දේ ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

0 157

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අතීතයේ හා වර්තමානයේ හොදම දේ ලබා දුන් පක්ෂය ජාතික පක්ෂය බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ළඟම පාසල හොදම පාසල’’ ව්‍යාපෘතිය යටතේ දිවයිනපුරා පාසල් 200ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර ශ්‍රී  රාහුල විද්‍යාලයේ නවීකරණය කරන ලද ශිෂ්‍ය පන්තිකාමර හා ශිෂ්‍ය විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

AD2

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා 

එක්සත් ජාතික පක්ෂය නිතරම අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් හා දැක්මක් ඇතිව කටයුතු කරනු ලැබු බවත් .නිදහස් අධ්‍යාපනය මේ රටට ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය භාරව කටයුතු කළ සී.ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා විසින් බවත්  නිදහස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව අපේ රටේ දරුවන් විශාල වශයෙන් අධ්‍යාපනයට යොමු වුණ බවත් ප්‍රකාශ කරාය.

ඒ තුළින් ජීවිත සාර්ථක කරගත් බවත් අද වන විට ජීවිතය සාර්තක කර ගැනීමට ඇති එකම මාර්ගය අධ්‍යාපනය බවත් එතුමා විසින් ප්‍රකාශ කරයි. 

නිදහස් අධ්‍යාපනය ලබා දීමෙන් පසුව පාසල් පොත් නිල ඇදුම් නොමිලේ ලබා දීමේ සංකල්පයන් අපි විසින් ඉදිරිපත් කර තිබෙන ආකාරයටම තවත් වැදගත් සංකල්පයක් ලෙසින් ගරු අග්‍රාමාත්‍යතුමාගේ හා අධ්‍යාපන අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ අද පාසල් යන සෑම දරුවෙක්ම රක්ෂණය කිරීමක් සිදුකර ඇති බවද එතුමා විසින් පැහැදිලි කරාය.

එය අධ්‍යාපන ක්ෂේත්‍රය තැබූ විශාල ඉදිරි පිම්මක් වන අතර සිසුදරුවන් රක්ෂණය කිරීම දෙමාපියන්ටද විශාල සහනයක් වෙන බවත් අපි ඉදිරියේදී මෙම රක්ෂණ ක්‍රමය තව තවත් දියුණු කිරීමට බලාපොරොත්තු වෙන බවත් තවදුරටත් අදහස් දක්වමින් මැතිතුමා ප්‍රකාශ කරන්නට විය. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More