kandy news web
kandy news web

කන පැලූ ගුරුවරයා සොයා පරීක්ෂණ

0 154

විලච්චිය ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ ගුරුවරියකගේ කනට පහරදී බරපතල තුවාල කර එම ප්‍රදේශයේම පාසලක ගුරුවරයකු පලාගොස් ඇතැයි වාර්තා වේ.

ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන  ආරම්භ කර ඇතැයි විලච්චිය පොලිසිය කියයි.
 
කුවාල ලැබූ ගුරැවරිය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
මෙලෙස පහර කෑමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ විලච්චිය ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ ගීතා රංගනී පොන්සේකා නැමැති 53 හැවිරිදි ගුරුවරියකි. 
 
විලච්චිය සිද්ධාර්ථ විද්‍යාලයේ පාසල් කිහිපයක් අතර පැවැති ක්‍රීඩාතරගය අතරතුරදී සාලියමාලා පාසලේ ක්‍රීඩා ගුරුවරයෙකු විසින් මෙම ගුරුවරියට පහරදි ඇතැයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන විලච්චිය පොලිසිය කියයි.
 
තමාට පහර දුන් ගුරුවරයා තමා ක්‍රීඩාපිටියේ සිටිනවාට වැඩි කැමැත්තක් දැක්වූයේ නැති බවත්, ක්‍රීඩාපිටියෙන් ඉවත්වන්නැයි බලපෑම් කළ බවත්, එයට තමන් එකඟ නොවූ නිසා පහර දුන් බවත් ගුරුවරිය විසින් ප්‍රකාශ කරයි.
 
සැකකාර ගුරුවරයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවත්  විලච්චිය පොලිසිය පවසයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More