එක්සත් ජාතික පක්ෂය තුල දෙවන පෙල ශක්තිමත් නායකත්වයක් ඇති බව අමාත්‍යය නවින් දිසානායක මහතා ප්‍රකාශ කරයි

එක්සත් ජාතික පක්ෂය තුල දෙවන පෙල ශක්තිමත් නායකයින් රැසක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා අද(01) දින පැවසීය.
එතුමන් විසින් මෙලෙස කියා සිටියේ තලවකැලේ විද්‍යා සේකර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍යංශයේ රු මිලියන 8 ප්‍රතිපාදන යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙල ශක්තිමත් නායකයින් සමග වත්මන් රජය ශක්තිමත් ලෙස පවත්වාගෙන අතරතුර එක්සත් ජාතික පක්ෂයද ශක්තිමත් කිරිමට පියවර ගෙන ඇති බවයි.
දේශාපලඥයන් විවිධ මත දරන පුද්ගලයන් බවත්, ඇතැම් දේශාපාලඥයන් කපටිකමින් ජන්ද දායකයින් මුලා කර ජන්දය ලබා ගන්නා පිරිසක් බවයි අමාත්‍යය නවින් දිසානායක තවදුරටත් ප්‍රකාශ කරයි.
මෙම නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරිමේ අවස්තාව උදෙසා තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.