kandy news web
kandy news web

කප්පම් ගන්න ගිය යුධ හමුදා නිළධාරීන් දෙදෙනා අත්අඩංගුවට

සුරියවැව නුවන් ජයසේකර

0 166

තණමල්විල කුඩාඔය තෙළුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන වැලි තොටුපොලකින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක කප්පම් මුදලක් ලබා ගැනිමට ගිය වීරවිල යුධ හමුදා කදවුරේ කපිතාන් වරයෙකු හා ලාන්ස් කෝප්‍රල් වරයෙකු හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බළාකා නිළධාරින් විසින් ඊයේ (24) රාත්‍රි 10.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරවිල යුධ හමුදා කදවුරට අනුයුක්තව සිටි එන්.ඒ.චතුරංග ජානක නැමති කපිතාන් වරයෙකු හා ටී.ඒ.ජයන්නත කුමාර නැමති ලාන්ස් කෝප්‍රල් වරයෙකි.

AD2

හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බළාකා නිළධාරින්ට ලද ඔත්තුවකට අනුව හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිළධාරීන් මෙම වැටලිම සිදු කර තිබේ.

වැටලිමේදි සැකකාර හමුදා සෙබළුන් දෙදෙනා සතුව තිබී මෙරට නිශ්පාදිත අත් බෝම්බයක්,බෝර 12 වර්ගයේ ගිණි අවියක් හා ඒ සදහා භාවිතා කරන ජිව උණ්ඩයක්,ටී 56 ජීව උණ්ඩ 48ක්,සුදු යකඩ පිහි එකක්,යුධ හමුදා ඇදුම් කට්ටල 16ක් හා ඔවුන් කප්පම් මුදල ලබා ගැනිමට ගිය සුදු පැහැති කාර් රථයක්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් ගිණි අවි අතුළු අපකරණ සහිතව සැකකාර හමුදා සෙබළුන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සදහා කුඩා ඔය පොලිසියට බාර දි ඇත් අතර සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More