kandy news web
kandy news web

බුත්තල මාරක අනතුරකින් අයෙක් මරුට

0 169

බුත්තල මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ දී අද (20)අලුයම පහ හමාරට පමන අනතුරක් සිදුවී ඇත.

සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

AD2

සියඹලාව දේවාලයේ වන්දනාවේ ගිය මාළබේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගමන් ගත් ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් ලොරි රථයේ රියදුරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මාළබේ ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි පුද්ගලයකු වන අතර තුවාල ලැබූ අනෙක් පස් දෙනා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිවුදෙනකු මොනරාගල මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

ඔවුන්ගෙන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බුත්තල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More