ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි
පැතුම් විදානාරච්චි

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා එක්දින පිටියෙන් සමු ගන්නා බවයි ඔහු මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.
1999 වසරේ දී එක්දින වරම් හිමි කර ගත් 39 හැවිරිදි ක්‍රිස් ගේල් මේ වන විට කොදෙව් දේශය වෙනුවෙන් එක්දින තරග 284කට ක්‍රීඩා කර තිබෙනවා.
එහිදී ලකුණු 9,727 ක් රැස් කර ඇති ඔහු එක්දින ශතක 23කට ද හිමිකම් කියනවා.
ඔහු කොදෙව් දේශය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර දෙවැනි වන්නේ හිටපු නායක බ්‍රයන් ලාරාට පමණයි.