kandy news web
kandy news web

තණමල්විල නගරයේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් ආයුධ සමගින් අත්අඩංගුවට

වැල්ලවාය - ජයන්ත වීරසේකර

0 165

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ තණමල්විල නගරයේ දී පසුගිය දහ වනදා වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් අයෙක්ට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් වාර්තා විය.

ඒ සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

AD2

සැකකරුවන් වෙඩි තැබීම සදහා යොදා ගත් ගිනිඅවි සහ යතුරු පැදි දෙකකද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත බෝර දොලහ ගිනිඅවි එකක්,මෙරට නිෂ්පාදිත 3.8 රිවෝල්වර එකයි,ගල් කටස් වර්ගයේ ගිනිඅවි එකයි,යතුරු පැදි දෙකක්,අපරාධය යොදා ගත් ඇදුම්,හෙල්මට්,බෝර දොලහ උණ්ඩ දෙකක් සහ 3.8 උණ්ඩ එකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුනොත් තණමල්විල ප්‍රදේශයේ පදිංචි සුදුහකුරු සුමිත් නොහොත් වසන්ත නැමති පුද්ගලයා වන අතර එම ස්ථානයේ සිටි අයෙකු ටද සැකකරුවන් වෙඩි තැබු අතර ඔහු බරපතළ තත්ත්වයෙන් හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(16) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ පිළිබඳ තණමල්විල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More