kandy news web
kandy news web

දිවියකුගේ අවසන් ගමන

හැටන් - රංජිත් රාජපක්ෂ

0 199

හැටන් දිඹුල පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරු  දැවැන්ත  දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වි මිය ගොස් ඇති බව දිඹුල පොලිසිය පවසයි.

කිසියම් පිරිසක් වල් ඌරන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට මෙලෙස දිවියා හසු වි ඇති බව වාර්තා වේ.

AD2

ස්ටොනික්ලිප් වතුයායේ විශාල වශයෙන් පසුගිය කාලයේ දිවියන් සැරිසැරිම නිසා වන ජිවි නිලධාරින් තේ වත්තේ සැරිසැරු දිවියන් රක්ෂිත වලට පලවා හැරිමට විශාල මෙහෙයුමක්ද සිදු කරනු ලැබුහ.

වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණි දිවියෙකුයි  මෙසේ මන්දට හසු වි මි ගොස් ඇත්තේ.

අඩි 4 ක් පමණ දිගකින් සහ අඩි 3 ක් පමණ උසකින් යුත් හොදින් වැඩුණු මෙම දිවියාගේ උදරය  මන්දට හසු වි ඇති අතර මන්දෙන් බේරිම සදහා දිවියා උත්සහ කල අවස්තාවේ දිවියා එම මන්දට හිර වි මිය ගිය බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

මිය ගිය දිවියා සම්බන්ධයෙන් දිඹුල පොලිසිය සහ නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙන් වෙන්ව පරික්ෂණ පවත්වන අතර මිය ගිය දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා උඩවලව පශු සම්පත් රෝහලේ වෛද්‍යවරයා වෙත යොමු කරන බව වන ජිවි නිලධාරින් පැවසිය

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More