kandy news web
kandy news web

මන්නාරම සමූහ මිනිවළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ සාම්පල වාර්තාව ලැබෙයි

වවුනියාව - මාධව කුලසූරිය

0 162

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව අද(16) අලුයම ලැබුණු බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි.

මිනිවළ සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කළ සාම්පලය හයෙන් පහක වාර්තා ලැබී ඇති බවත් අදාළ වාර්තා බදාදා(20) වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත නිකුත් කරන බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරේය.

AD2

මිනිවළ තුළින්  මිනිස් සිරුරු 323 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 314 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 28දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බවත් ප්‍රකාශ වේ.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කළේය.

සාම්ප්‍රදායික සුසානභූමියක අස්ථි තැන්පත් කොට තිබෙන ආකාරයෙන් ඔබ්බට වන ආකාරයට ඇතැම් අස්ථි හමුවි ඇති බවද හෙතෙම පැවසුවේය.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More