kandy news web
kandy news web

අඹතැන්නේ අනතුරකින් අයෙක් මරුට දෙදෙනෙකු රෝහලට

0 211

මහනුවර අඹතැන්න ප්‍රදේශයේ අද (15) පස්වරුවේ සිදු වූ අනතුරකින් එක් අයෙක් මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මාතලේ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියැදුරුට පාලනය කර ගත නොහැකි වීමෙන්  මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වන්නේ.

AD2

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මාර්ගයේ අයිනේ සිටි පුද්ගලයන් පිරිසකි.

ඉන් එක් අයෙකු කටුගස්තොට රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ.

තුවාල ලැබූ අනෙක් දෙදෙනා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More