ඇසිඩ් ප්රහාරයකින් කාන්තාවක් මරුට
දියණිය රෝහලේ

201.02.14 වන දින රාත්රී 10.30 ට පමණ කාන්තාවකට සහ දැරිවියකට සැකකරුවන් දෙදෙනෙකු විසින් ඇසිඩ් ප්රහාරයක් සිදු කර පලාගොස් ඇත.
මෙලෙස ප්රහාරයට ලක්ව ඇත්තේ කඹුරුපිටිය පොලිස් වසමේ අමල් නිවස, කබෝලකගවත්ත, රත් කැකුලාව ලිපිනයේ පදිංචි අවුරුදු 39ක් වන කාන්තාවක් හා කුඩා දියණියයි.
ඇසි්ඩ් ප්රහාරයෙන් ප්රතාපසිංහ ආරච්චිගේ විජිතා යන කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා මාස කිහිපයකට කලින් ආරවුලක් මත නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු සහ තව අයෙකු සමඟ පැමිණ මෙලෙස ප්රහාරය සිදුකර ඇති බව දැරිය විසින් ප්රකාශයක් සිදුකර ඇත.
කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.