kandy news web
kandy news web

අනතුරට පත් මෝටර් රථයේ ගංජා කිලෝ 68ක්

0 180

අද අලුයම මරදාන මගී ගුවන් පාලම ආසන්නයේදී මෝටර් රථයක් අනතුරට ලක්වී ඇත.

සොයාගත් මෝටර් රථයේ තිබී කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 68 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එය පොලිස් මත්ද්‍රව්‍ය අංශය වෙත බාර දීමට නියමිතයි.

AD2

මෙලෙස අනතුරකට ලක් වූ ජීප් රථයේ හිමිකාරියගේ සොහොයුරෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර රථයේ හිමිකාරිය මැදපෙරදිග සේවය කරන බවට තොරතුරු ලැබී ඇති බව පොලිසීය සඳහන් කරයි. 

තවදුරටත් පොලීසිය ප්‍රකාශ කළේ, කුලී පදනම මත අදාළ ජීප් රථය ලබා ගෙන ඇති පුද්ගලයින් එය කේරල ගංජා ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවටද සැකයක් පවතින බවයි.

පොලීසිය පැවසුවේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More