kandy news web
kandy news web

මාල කැඩූ සොරු අත්අඩංගුවට

නයිනමඩම - චන්දන ප්‍රනාන්දු

0 44

මහමග පාපැදිවලින් ගමන්ගන්නා කාන්තාවගේ අත්බෑග් කඩාගෙන ගිය කොල්ලකල්ලියකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක්ව හා යතුරුපැදි 2 ක් ඊයේ (13)  සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ස දන්කොටුව හා කටුකෙන්දේ පදිංචි වයස අවුරුදු 16 21 හා 24 හැවිරිදි තරුණයන් තිදෙනෙකි.

AD2

මාර්ගයේ තිබු ආරක්ෂිත කැමරා භාවිතා කර සූක්ෂම විමර්ශනයකින් අනතුරුව මෙම කොල්ලකෑම්වලට සම්බන්ධ කල්ලියේ තිදෙනෙක්ව අත් අඩංගුවට ගැනිමට හැකි වු බව පොලිසිය ප්‍රකාශ කරයි. 

සැකකරුවන් සමඟ දුරකතන 4 ක් ටැබ් එකක් ඇතුලි වටිනා ලියකියවිලි රැසක් සොයාගත් බව පොලිසිය පැවසූ අතර සැකකරුවන් මහමග පාපැදිවල ගමන් ගන්නා කාන්තාවන්ව   හඳුනාගෙන පසුව පැමිණ මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.                                                              

සැකකරුවන්ව හා යතුරුපැදි මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.    

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More