kandy news web
kandy news web

යාපනයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

වවුනියාව - මාධව කුලසූරිය

0 190

යාපනය,නල්ලූර්,නායර්මාකන්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ(11) සවස කිසියම් පිරිසක් පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තා වේ.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ මුහුණු ආවරණය කරගෙන පැමිණි කණ්ඩායමක් අදාළ නිවස වෙත පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇති බවයි.

AD2

නිවසේ ගේට්ටු වසා තිබු අවස්ථාවක නිවසේ තාප්පයෙන් එපිට සිට ප්‍රහාරය සිදුකොට ඇති බවට අනාවරණය වී ඇති බව ආරක්ෂක අංශ පවසයි. 

ප්‍රහාරයෙන් නිවසේ නවතා තිබු වෑන් රථයක් සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති අතර,නිවස ඉදිරිපස නවතා තිබු යතුරුපැදි තුනකට හා නිවසේ ජනෙල්ද කැඩී ගොස් ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.

.සිද්ධියෙන් පුද්ගලයින්ට හානියක් සිදුව නොමැති අතර නිවසේ වාහන හා දේපළ වෙනුවෙන් හානි සිදුව ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More