හොරාට දුන්නු අමුතු දඩුවම
වවුනියාව - මාධව කුලසූරිය

යාපනය,කොඩිකාමම්,වරණි ප්‍රදේශයේ නිවාසවල භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකුට ප්‍රදේශවාසීන් අපූරු දඩුවමක් ලබාදී තිබූ ආකාරය දැකගන්නට ලැබුනි.
මෙම වීඩියෝව මේ දිනවල සමාජජාලා ඔස්සේ ව්‍යාප්තවෙමින් පවති.
කොඩිකාමම් වරණි ප්‍රදේශයේ නිවාස රැසක භාණ්ඩ සොරාගැනීමක් සම්බන්ධයෙන් සොරකම සිදුකළ අවස්ථාවේ තරුණයෙකු අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව තිබුණි.
අල්ලා ගත් පුද්ගලයාගේ ගෙලේ මමයි සොරා යනුවෙන් වන පුවරුවක් එල්ලා අදාළ පුද්ගලයාට “මමයි හොරා, මමයි හොරා” යනුවෙන් පවසන ලෙසට පවසා හොරා ගම වටේ රැගෙන යාමට ගම්වාසීන් කටයුතු කරන්නට විය.