kandy news web
kandy news web

නීති විරෝධි හෙරෝයින් තොගයක් සමඟ කාන්තාවන් දෙකක් පොලිස් දැලේ

පුත්තලම - ප්‍රියංකර කළුපහන

0 181

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට මුල්ලිපුරම් ප්‍රදේශයේ සිදුකරනු ලැබූ වැටලීමකදී නීති විරෝධි හෙරොයින් ජාවාරමේ නිරතව සිටි මවක් සහ දියණියක් පොලීසිය විසින් අත් අඩංගුයට ගනු ලැබූ බව කියයි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකාර මව සහ දියණිය වසර ගණනාවක සිට ඉතා සූක්ෂම ලෙසස මෙම නීති විරෝධි හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇති බවත්, මීට පෙර පුත්තලම පොලීසිය මඟින් ඇයව නීති විරෝධි හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීම සිදු කළ ඇති බවත් සඳහන් වේ.

AD2

මොවුන් සන්ථකයේ තිබී නීති විරෝධි හෙරොයින් ග්‍රෑම් 3ට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ.

අදාළ සැකකාර කාන්තාව වයස අවුරුදු 40 සහ දියණිය  වයස අවුරුදු 18 වියේ පසු බව කියයි.

අදාළ මව සහ දියණිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර මොවුන් සඟවා සිටි හෙරෝන් තොගය වෛද්‍යවරුයෙකු ආධාරයෙන් ලබා ගත් බව පොලීසියේ උසස් නිළධාරියෙකු පවසන ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානයේ පුළුල් විමර්ශණ ආරම්භ කර තිබේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More